Wednesday, February 7, 2018

ශේක්ස්පියර්ට

ජීවිතය රඟ මඩලකි
අපි එහි,
නළුවෝ වෙමු කිව්වට
හිතුවෙ නෑ නේද
ඔයත්
ඇති කියල
මේ වගේ දක්ෂ
 නළු නිළියො...
ඔව්
මිනිස්සු,
හරි ලස්සනට රඟපානව
ශේක්ස්පියර්...
තමන්ගෙ වාසියට

වෙනස් කතාව


සිප ගැනීමට නම් නැවත
මුව කමල 

වැටිය යුතුමය නුඹේ
පපුව මත
හිරිකඩ වැස්ස වී මම

මේක හරි වෙනස් කතාවක්
අපි අපිට නොදැනිම
ආදරෙන් තුරුළු වී
සිනහවෙන් රවපු
ඇහි පිල්ලමේ සෙවණ යට
නුඹ හිටිය මතක ඇති
වැටෙන තුරු 
බිංදුවත් අන්තිම කඳුළු
පපු කුහරේ හිස් තැනක්... 
පාළුවට ගිය සොහොනක්ය
මල් වඩන් නොතැබූ

නුඹ ඇවිත් යන විටෙක
මතකයන් හූරගෙන 
පිපිරෙන්නෙ හදවතේ කවුළු
වසන්තයේ කෙරුවත් ආලය...
වඳ හිතක පිපේවිද 
සුවඳ මල් පොකුරු


Tuesday, January 9, 2018

ආදරණීය සරසවිය

               


             හෙමින් සැරේ අම්මා එහාට මෙහාට වෙනකන් ඉඳල phone එකත් අරන් බුකීගත උනේ කම්මැලිකමට.හොස්ටල් එකේ අර හොල්මන් එක්ක පිස්සු නටල ගෙදර ආවම දැනෙන පාළුව කියන්න නම් ඇත්තටම වචන නෑ.ඒ වෙලාවට ඉතින් අපේ පිහිටට රෝස කැලෙන් දෙයියො එවපු ඉස්ට දේවතාවා තමා සකර්බර්ග් අයියා.තාමත් තනිකඩ සංගමේ නියෝජනය කරන අපි වගේ උදවිය සකර්බර්ග් අයියට උදේ හවස නමස්කාර කළත් කාරි නම් නෑ.ඉතින් ඔය විදියට සිතිවිලි අනන්තයට හෙමින් සැරේ පියමන් කර කර ඉන්නකොට ඇඟිලි තුඩු නතර උනේ wall එකේ තිබ්බ කවි සිතිවිල්ලක් ළඟ.

ආදරණීය සරසවිය 💜

සරසවි හැඳුනුම්පත අරගෙන
අයින් කළත් නීතියෙන්
මැරෙන දාටත් මතක් වේවි..
අවුරුදු හතරක කෝටියක් මතක
මුළු රටම යාළු කළ
පෙර පිනට මං දැක්ක
රත්තරන් පින් බිමට
ආදරෙයි හැමදාම
(උපුටා ගැනීමකි)

           හීනියට රිදුමක් වගේ හැඟීමක් එක්ක ඇස් අගට පුංචි කඳුළු බිංදුවක් ආවෙ මටත් නොදැනිම.හ්ම්ම්ම් තව අවුරුද්දයි.අවුරුද්දකුත් නෑ අපි මේ කැම්පස් එක දාල යන දවස උදාවෙන්න.හදවතට නුපුරුදු දුකක් එකපාරටම ඇවිත් මාව වෙළාගත්ත වගේ හැඟීමක් දැනුණෙ.
                  ජීවිතෙ හොඳම සහ වටිනම අවුරුදු හතර ගත කළේ මේ සරසවියෙ.අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා.ඒ අතර ජීවිත පාඩම් නම් සෑහෙන ප්‍රමාණයක් ඇති.ඒ පාඩම් සමහරුන්ගෙ ජීවිත උඩු යටිකුරු කළා.හොඳ මිනිසුන් නරක් උනා.නරක මිනිසුන් හොඳ උනා.අම්මෙ...ඔබ අපිව උගත් මිනිසුන් කළා.බුද්ධිමත් මිනිසුන් කළා.ඒ වගේම ඔබ අපිව ආදරණීය මිනිසුන් කළා.පොළොවෙ පය ගහල ජීවත් වෙන්න අපි ඉගෙන ගත්තා.කට්ට කන්න ඉගෙන ගත්තා.ඔව් ඔබ අපිව වෙනස් මිනිසුන් කළා.දැන් ඉන්නෙ වෙනස්ම ජීවියෙක්.දැන් ගැහෙන්නෙ වෙනස්ම හදවතක්.අනේ ඒ හැමදේමත් එක්ක ඔබ අපිව අතරමං කළා.උත්තරයක් නැති ප්‍රශ්නයක් ළඟ...ආදරණීය කැලණි අම්මෙ කොහොමද ඔයාව දාල යන්නෙ ???

Monday, January 8, 2018

සංගීතය

භාවනාවකි...
විතැන් වූ 
මා
මනස
එක්තැන් කරන

මගේ ආදරය 💜

කාටත් හොරා
එක හිතකට..
පෙම් කළා මමත්
දන්නෙම නැතුව...

වෙනස


එදා, 
හන්දියෙ බෝක්කුව උඩ
අතේ සිගරට් එක
අද,
මුහුණු පොත
අතේ smart phone එක
ගෙවෙයි තාරුණ්‍යය...
හරි අපූරුයි
මේ වෙනස
රස්තියාදුකාරයගෙ
එදා සහ අද