Wednesday, February 7, 2018

ශේක්ස්පියර්ට

ජීවිතය රඟ මඩලකි
අපි එහි,
නළුවෝ වෙමු කිව්වට
හිතුවෙ නෑ නේද
ඔයත්
ඇති කියල
මේ වගේ දක්ෂ
 නළු නිළියො...
ඔව්
මිනිස්සු,
හරි ලස්සනට රඟපානව
ශේක්ස්පියර්...
තමන්ගෙ වාසියට

වෙනස් කතාව


සිප ගැනීමට නම් නැවත
මුව කමල 

වැටිය යුතුමය නුඹේ
පපුව මත
හිරිකඩ වැස්ස වී මම

මේක හරි වෙනස් කතාවක්
අපි අපිට නොදැනිම
ආදරෙන් තුරුළු වී
සිනහවෙන් රවපු
ඇහි පිල්ලමේ සෙවණ යට
නුඹ හිටිය මතක ඇති
වැටෙන තුරු 
බිංදුවත් අන්තිම කඳුළු
පපු කුහරේ හිස් තැනක්... 
පාළුවට ගිය සොහොනක්ය
මල් වඩන් නොතැබූ

නුඹ ඇවිත් යන විටෙක
මතකයන් හූරගෙන 
පිපිරෙන්නෙ හදවතේ කවුළු
වසන්තයේ කෙරුවත් ආලය...
වඳ හිතක පිපේවිද 
සුවඳ මල් පොකුරු